Loading...

ශිෂ්‍යත්වයේ ඉහළම ලකුණ කුරුණෑගලට – 56,000ක් කඩඉම් ලකුණ පනියි

2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව සිසු සිසුවියන් 56,000ක් අදාළ කඩඉම් ලකුණට වඩා ඉහළ ලකුණු ලබාගැනීමට සමත්ව ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

අද (02) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කළේ මෙවර විභාගයේ කඩඉම් ලකුණ 139ක් වන බවයි.

එමෙන්ම මෙවර සිංහල මාධ්‍යයේ වැඩිම ලකුණ ලෙස ලකුණු 193ක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, දෙමළ මාධ්‍යයේ වැඩිම ලකුණ වන ලකුණු 188 වාර්තා වී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයෙන්.

ඉකුත් අගෝස්තු 09 වනදා පැවැති විභාගය සඳහා අයදුම්කරුවන් 294,132 සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටි අතර ඉන් සිසුන් 289,867 දෙනෙකු විභාගයට පෙනී සිටියා. ඊට විශේෂ අවශ්‍යතා සහිත සිසුන් 1,018 දෙනෙකු සහ බ්‍රේල් මාධ්‍යයෙන් පෙනී සිටි සිසුන් 18 දෙනෙකු ද ඇතුළත්.

නැවත සමීක්ෂණ සඳහා අයදුම් කළ යුතු ආකාරය සහ දිනයන් ඉදිරියේදී දැනුම් දීමට පියවර ගන්නා බවයි විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *