Loading...

එල්නිනෝ බලපෑමෙන් වසර අවසානයේ ලංකාවට තද වැසි – එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් රතු එළියක්

පවතින ‘එල්නිනෝ’ දේශගුණික තත්ත්වය හේතුවෙන් මෙරටට මේ වසරේ අවසාන භාගයේදී සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

එම සංවිධානය නිකුත් කළ ආසියානු කලාපීය නවතම තක්සේරු වාර්තාවට අනුව, එල්නිනෝ බලපෑම හමුවේ වැඩි අවධානයක් යොමුකළ යුතු රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුනාගෙන තිබෙනවා.

මේ හේතුවෙන් ඉදිරියේදී ගංවතුර තත්ත්වයන්, ජලයෙන් යටවීම් මෙන්ම කෘෂිකාර්මික කටයුතුවලටද දැඩි බලපෑම් ඇතිවීමේ අවදානමක් පවතින බව අදාළ වාර්තාව මඟින් පෙන්වා දෙනවා.

වාර්තාවට අනුව, ඔක්තෝබර් – නොවැම්බර්: දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක්.

දෙසැම්බර් – පෙබරවාරි: ඊසානදිග මෝසම සක්‍රීය වීමත් සමඟ සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාවක්.

දේශගුණික අවදානමට අමතරව මැදපෙරදිග කලාපයේ පවතින අර්බුද හේතුවෙන් මෙරට ආර්ථික පීඩනය ඉහළ යා හැකි බවද පෙන්වා දෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය, මෙම අවදානම තවමත් පුළුල් ආපදාවක් බවට පත්ව නොමැති බැවින් ඊට මුහුණදීමට පූර්ව සූදානමක් ඇති කරගැනීමට තීරණාත්මක කාලයක් පවතින බව වැඩිදුරටත් සඳහන් කරනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *