Loading...

22ට විරුද්ධ වීමට හේතු කියන නීතිඥ සංගමය

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිදෙවන සංශෝධනය” ලෙස නම් කර ඇති පනත් කෙටුම්පත මගින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ ජනතාවගේ අයිතිවාසිකම් මෙන්ම යහපතට බරපතළ ගැටලු මතුවන බැවින්, ඊට ප්‍රතිපත්තිමය පදනමක් මත විරුද්ධ ස්ථාවරයක් ගෙන ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශ කරනවා.

එම සංශෝධනයේ ව්‍යවස්ථානුකූලභාවය ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර ඇති බව ද එම සංගමය සඳහන් කරනවා.

නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ අදාළ පනත් කෙටුම්පත නීතියක් බවට පත්වුවහොත්, එම සංශෝධනයෙන් ප්‍රතිලාභ ලබන පළමු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා වන්නේ වත්මන් අගවිනිසුරුවරයා බවයි.

වත්මන් අගවිනිසුරුවරයාගේ ධුර කාලය 2026 දෙසැම්බර් 1 වනදායින් අවසන් වීමට නියමිතව ඇති අතර, එම ධුර කාලය දීර්ඝ කිරීමේ අරමුණින් මෙම සංශෝධනය කඩිනමින් ඉදිරියට ගෙන යන බවට පුළුල් මතයක් සමාජය තුළ පවතින බව ද නීතිඥ සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *