Loading...

නේපාල ගංවතුරින් මියගිය අය ගැන ජනපති අනුරගෙන් ශෝක පණිවුඩයක්

නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුරෙන් පසු සිදුවූ ඛේදජනක ජීවිත හානි පිළිබඳව තමන් අතිශයින් කනගාටුවට පත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

X පණිවුඩයක් නිකුත් කරමින් නේපාල ජනතාව වෙත සිය බලවත් ශෝකය පළ කර ඇති ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාව ගලවා ගැනීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා නේපාලයට අවශ්‍ය සහාය ලබාදීමට සූදානමින් සිටින බව ද ප්‍රකාශ කර තිබෙනවා.

මීට මාස 10කට පෙර දැවැන්ත සුළි කුණාටුවකින් පීඩාවට පත්ව තවමත් ඉන් ගොඩඑමින් සිටින ජාතියක් ලෙස ශ්‍රී ලංකාව, නේපාල ජනතාව විඳින මෙම දැඩි ශෝකය එක සිතින් බෙදාගැනීමට සූදානම් බව ජනාධිපතිවරයා සිය X ගිණුම මඟින් වැඩිදුරටත් සඳහන් කර ඇත.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *