නේපාලයේ හදිසි ගංවතුර තත්ත්වයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 165 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම ව්‍යසනයෙන් තවත් 400 කට අධික පිරිසක් අතුරුදන්ව ඇති අතර, අතුරුදන් වූවන්ගෙන් වැඩි පිරිසක් විදේශීය සංචාරකයින් වන බව සඳහන්.
එම පිරිස අතර වැඩි වශයෙන් ඉන්දීය ජාතිකයින් සිටින අතර මලයාසියානු, අමෙරිකානු, ඔස්ට්‍රේලියානු සහ අප්‍රිකානු රටවල සංචාරකයින් ද වන බව වාර්තා වනවා.
නේපාල සහ ටිබෙට් දේශසීමාව ආසන්නයේ ඇති වූ භූමිකම්පාවක් සමග හිම කඳු නායගොස් හිම දියවීමෙන් භෝටේ කොෂි (Bhote Koshi) ගංගාව එකවර පිටාර ගැලීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
එම සැඩ ජල පහර කත්මණ්ඩු අගනුවරට උතුරින් පිහිටි රසුවා ප්‍රදේශයට කඩා වැදීමෙන් එහි ගම්මාන රැසක් සම්පූර්ණයෙන්ම යටවී ඇත.
අතුරුදන් වූවන් සෙවීම සඳහා නේපාල රජය විශේෂ සහන කණ්ඩායම් යොදවා ඇති අතර, ඉන්දියාව ඇතුළු රටවල් රැසක් ද කඩිනමින් නේපාලය වෙත සහන කණ්ඩායම් යොමු කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.
මේ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් ද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ, මෙම විපත හමුවේ නේපාලයට අවශ්‍ය උපරිම සහයෝගය ලබාදීමට පියවර ගන්නා බවයි.








Leave a Reply