කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ පැවැති ජලයේ ගුණාත්මකභාවය පිළිබඳ හදිසි තත්ත්වය ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ඇතිව මේ වන විට සම්පූර්ණයෙන් නිරාකරණය කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිර්දේශ මත සිදුකළ රසායනාගාර පරීක්ෂණවලින් ජලය නියමිත ප්‍රමිතියෙන් යුතු බව තහවුරු වීමෙන් පසුව ජල සැපයුම නැවත බෙදාහැරීම ආරම්භ කළ බව අද (25) උදෑසන 6ට නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.
ඒ අනුව පවිත්‍රාගාර ආශ්‍රිත ප්‍රදේශ ඉදිරි පැය කිහිපය තුළ ජල සැපයුම සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇත.
බත්තරමුල්ල, කෝට්ටේ, පාමංකඩ සහ නුගේගොඩ යන ප්‍රදේශ සඳහා ජල සැපයුම සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්වීමට යම් කාලයක් ගතවනු ඇති බව සඳහන්.
මහජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ගත් මෙම පියවර සඳහා ජනතාව දක්වන සහයෝගය ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය අගය කර සිටිනවා.








Leave a Reply