මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම අතරතුර ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් වන්දි මුදල් පිරිනැමීම අද (21) බන්ධනාගාර මූලස්ථානයේදී සිදුකෙරුණා.
එහිදී මියගිය එක් නිලධාරියෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 20 ක මුදලක් බැගින් එම නිලධාරීන්ගේ ඥාතීන් හා දූ දරුවන් වෙත පිරිනැමීමට කටයුතු කර ඇත.
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ මෙම කැරැල්ල අතරතුරදී බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික ඒකකයේ (STFU) නිලධාරීන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. ඔවුන්ගේ ඥාතීන් වෙත මෙම වන්දි මුදල් ප්‍රදානය කර ඇත්තේ ජාතික රක්ෂණ භාරකාර අරමුදලේ ‘අග්‍රහාර’ රක්ෂණ ක්‍රමවේදය යටතෙයි.
මෙහිදී අදහස් දක්වමින් ජාතික රක්ෂණ භාරකාර අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී යුශාන් තරංග මහතා සඳහන් කළේ, මෙවැනි අනපේක්ෂිත ඛේදනීය අවස්ථාවකදී සාමාන්‍ය ලේඛන කටයුතු හා සියලු තොරතුරු පූර්ණ ලෙස ලබාගන්නා තෙක් නොසිට, විපතට පත් නිලධාරීන්ගේ පවුල් වෙත මෙම වන්දි මුදල් ඉතා ඉක්මනින් සහ කඩිනමින් ලබාදීමට තීරණය කළ බවයි.
එමෙන්ම මෙම අවස්ථාවට එක්වූ බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත මහතා ප්‍රකාශ කළේ, මියගිය නිලධාරීන්ගේ පවුල් වෙනුවෙන් මෙම වන්දි මුදලට අමතරව තවත් සහන රැසක් සැලසීමේ විශේෂ වැඩපිළිවෙළක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් මේ වනවිටත් ආරම්භ කර තිබෙනවා.







Leave a Reply