පවතින අධික වර්ෂාවත් සමඟ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 3 (රතු) යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීමක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කර තිබෙනවා.
ඊට අමතරව, දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ රැසක් සඳහා අදියර 2 (ඇම්බර්) යටතේ අවධානයෙන් සිටින ලෙස පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, එයට මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සහ උඩපළාත, කෑගල්ලේ යටියන්තොට සහ අරණායක, නුවරඑළියේ නුවරඑළිය, නෝර්වුඩ්, අඹගමුව, කොත්මලේ බටහිර හා කොත්මලේ නැගෙනහිර, රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක, ඉඹුල්පේ සහ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ඇතුළත් වනවා.
මේ අතර, අදියර 1 (කහ) යටතේ විමසිලිමත්ව සිටිය යුතු ප්‍රදේශ ලෙස මහනුවර දිස්ත්‍රික්කයේ පන්විල සහ මැදදුම්බර, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට සහ දැරණියගල, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල සහ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නම් කර තිබෙනවා.
අද (03) උදෑසන 9.00 සිට හෙට (04) උදෑසන 9.00 දක්වා මෙම අනතුරු ඇඟවීම් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා.
පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් නායයෑම් අවදානම් ප්‍රදේශවල ජීවත් වන ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, මීට පෙර නායයෑම් හෝ පස් කඳු කඩාවැටීම් වාර්තා වූ ස්ථානවල පදිංචිකරුවන් අවශ්‍ය නම් කඩිනමින් ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙසත් එම සංවිධානය වැඩිදුරටත් දැනුම් දෙනවා.







Leave a Reply