Loading...

‘හරක් කටා’ට එරෙහි ත්‍රස්තවාදී චෝදනා ඉදිරියට ගෙන යා නොහැකියි – මහාධිකරණය

සංවිධානාත්මක අපරාධකරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර තිබූ චෝදනා ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බව කොළඹ මහාධිකරණය තීරණය කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටියදී එම ස්ථානයෙන් පලායාමට කුමන්ත්‍රණය කළ බවට ඔවුන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා.

කෙසේ වෙතත්, චූදිතයින්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ ගොනු කර ඇති චෝදනා පවත්වාගෙන යාමට නීතිමය බාධාවක් නොමැති බව මහාධිකරණය සිය නියෝගයෙන් සඳහන් කර තිබෙනවා.

විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා සහ නීතිඥ ජාලිය සමරසිංහ ඇතුළු නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගනිමින් කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා මෙම නියෝගය ප්‍රකාශයට පත් කළ බව අධිකරණයේදී අනාවරණය වුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *