විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් අද (29) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව, අද පෙරවරු 11ට ශ්‍රී ලංකා නීතිඥ සංගම් කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්වෙන බව එම සංගමය සඳහන් කළා.
නීතිඥ රජීව් අමරසූරිය මහතා සඳහන් කළේ, විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව වෙනස් කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉදිරියේදී ගත යුතු පියවර පිළිබඳව මෙහිදී අවධානය යොමු කරන බවයි.
මෙම කරුණ කිසිදු පුද්ගලයෙකු හෝ විනිසුරුවරයෙකු සම්බන්ධ වූ කාරණයක් නොවන බවත්, එය අධිකරණයේ ස්වාධීනත්වය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය මූලධර්ම සහ මහජන විශ්වාසය ආරක්ෂා කිරීම සම්බන්ධ ජාතික වැදගත්කමක් ඇති කරුණක් බවත් නීතිඥ සංගමය සඳහන් කර තිබෙනවා.
එමෙන්ම, මෙවැනි මූලික ව්‍යවස්ථාමය වෙනස්කම් සිදුකිරීමේදී පුළුල් මහජන සහ පාර්ශ්වකරුවන්ගේ සංවාදයක්, විනිවිදභාවයක් සහ නිසි ක්‍රියාපටිපාටියක් අනුගමනය කළ යුතු බවද එම සංගමය පෙන්වා දෙනවා.







Leave a Reply