Loading...

හෙරොයින් සහ ගංජා සමඟ උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

දෙහිවල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, සැකකරු සන්තකයේ තිබී හෙරොයින්, ගංජා සහ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සොයාගෙන ඇති බවයි.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අදාළ උප පොලිස් පරීක්ෂකවරයා දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයෙකු බවට තොරතුරු ලැබී ඇති බවයි.

සැකකරු 26 හැවිරිදි වියේ පසුවන අතර, ඔහු ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *