සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්රමරත්න නොහොත් “හරක් කටා” සම්බන්ධ අල්ලස් චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නීතීඥ රඛිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් තිදෙනා ඇප මත මුදාහැරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය අද (28) නියෝග කළා.
එම නියෝගය ලබාදුන්නේ කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඇප ලැබූ අනෙක් සැකකරුවන් වන්නේ සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්යක්ෂවරයෙකු වන අරුණ හැන්නදිගේයි.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පවසන්නේ, 2023 වසරේ ඩුබායිහිදී “හරක් කටා”ගේ බිරිඳගෙන් රුපියල් කෝටි 50ක අල්ලසක් ඉල්ලා, පසුව එය රුපියල් කෝටි 20 දක්වා අඩු කර, එයින් රුපියල් කෝටි 12ක අත්තිකාරම් මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන්ට චෝදනා එල්ල වී ඇති බවයි.
එම අල්ලස් මුදල් ලබාගෙන තිබුණේ “හරක් කටා”ගේ රැඳවුම් නියෝග ඉවත් කර වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීම සහ ඔහුට අදාළ විමර්ශන කටයුතුවලින් සහන සැලසීම සඳහා බවට ද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.







Leave a Reply