2025 වසර තුළ ජනාධිපතිවරයා රටපුරා පිහිටි ජනාධිපති මන්දිරවල නවාතැන් ගෙන නොතිබුණ ද, එම මන්දිරවලින් බොහෝමයක පුද්ගලයින් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.
එම කාර්යාලය නිකුත් කළ නවතම විගණන වාර්තාවට අනුව, එම කාලසීමාව තුළ ජනාධිපති මන්දිරවල පවත්වා ඇත්තේ රැස්වීම් තුනක් පමණයි.
ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන්කර ඇති කොළඹ කොටුව, මහනුවර, අනුරාධපුර, කතරගම, මහියංගනය, නුවරඑළිය සහ බෙන්තොට පිහිටි ජනාධිපති මන්දිර හතේ විදුලිය, දුරකථන සහ අනෙකුත් පහසුකම් සඳහා 2025 වසරේදී රුපියල් 32,982,675ක මුදලක් වැයකර ඇති බවද එම වාර්තාවේ සඳහන්.
එමෙන්ම කතරගම, බෙන්තොට සහ මහියංගනයේ පිහිටි ජනාධිපති මන්දිරවල 2025 වසර තුළ කිසිදු රැස්වීමක් හෝ නවාතැන් ගැනීමක් සිදු වී නොතිබුණ ද, විදුලිය, දුරකථන සහ අනෙකුත් නඩත්තු වියදම් සඳහා රුපියල් 2,447,754ක් වැය කර ඇති බවද ජාතික විගණන කාර්යාලය අනාවරණය කරනවා.







Leave a Reply