Loading...

ආර්ජන්ටිනා පාපන්දු සම්මේලනයේ මූල්‍ය ගනුදෙනු ගැන FBI එකෙන් විශේෂ විමර්ශනයක්

ආර්ජන්ටිනා පාපන්දු සම්මේලනයේ (AFA) ඇමරිකා එක්සත් ජනපදය තුළ සිදුකර ඇති බව කියන මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් එරට ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ආර්ජන්ටිනාවේ ජනමාධ්‍ය වාර්තා කරනවා.

එරට මාධ්‍ය වාර්තාවලට අනුව, ක්ලෝඩියෝ ටැපියාගේ සභාපතිත්වයෙන් යුත් ආර්ජන්ටිනා පාපන්දු සම්මේලනයට එරෙහිව බරපතළ මූල්‍ය විශුද්ධිකරණ චෝදනා මේ වන විට එල්ල වී තිබෙනවා.

ඇමරිකානු මූල්‍ය පද්ධතිය හරහා සිදුකර ඇති බව කියන මුදල් සංසරණය සහ එම ගනුදෙනුවලදී කිසියම් අපරාධමය ක්‍රියාවක් සිදුව තිබේද යන්න සම්බන්ධයෙන් FBI නිලධාරීන්ගේ අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පුවත වාර්තා වන්නේ 2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 16 දෙනාගේ වටයේදී ඊජිප්තුවට එරෙහිව ආර්ජන්ටිනාව ලැබූ ජයග්‍රහණයෙන් අනතුරුව එම තරගයේ විනිසුරු තීරණ සම්බන්ධයෙන් ලොව පුරා දැඩි විවාදයක් මතුව ඇති පසුබිමකයි.

වාර්තාවලට අනුව, ආර්ජන්ටිනා පාපන්දු සම්මේලනයේ විදේශීය මූල්‍ය කටයුතු කළමනාකරණය කරනු ලබන්නේ ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ලියාපදිංචි TourProdEnter LLC සමාගම මගින් වන අතර, දැනට සිදුකෙරෙන විමර්ශනවල අවධානය එම සමාගම වෙතද යොමුව තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *