Meta සමාගමට අයත් Instagram, Facebook ඇතුළු සමාජ මාධ්‍ය සේවා කිහිපයකට අද (12) මෙරට වේලාවෙන් රාත්‍රී 7.30 සිට ප්‍රවේශ වීමේ ගැටලු මතුව තිබුණා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අන්තර්ජාල සේවා බිඳවැටීම් නිරීක්ෂණය කරන වෙබ් අඩවිවලට අනුව, අද (12) උදෑසන සිට පරිශීලකයන් විශාල සංඛ්‍යාවක් Instagram සේවාව භාවිත කිරීමේ අපහසුතා පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කර ඇති බවයි.
“Down for Everyone or Just Me” වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ Instagram සේවාවේ ගැටලු මිනිත්තු 26කට පමණ පෙර ආරම්භ වී ඇති බවයි.
යෙදවුමට (App) ප්‍රවේශ වීමට නොහැකි වීම, ගිණුම් වෙත පිවිසීමේ දෝෂ, විවිධ දෝෂ පණිවිඩ සහ සේවාව මන්දගාමී වීම වැනි ගැටලු පරිශීලකයන් වාර්තා කර තිබෙනවා.
එමෙන්ම, “StatusGator” වෙබ් අඩවියද Instagram සේවාවේ ඇතිවිය හැකි බිඳවැටීමක් පිළිබඳ වාර්තා කර ඇති අතර, වෙබ් අඩවිය පූරණය වීමේ ගැටලු සහ පණිවිඩ හුවමාරු සේවාවේ දෝෂ සම්බන්ධයෙන් පැමිණිලි සිය ගණනක් ලැබී ඇති බව සඳහන්.
කෙසේ වෙතත්, මේ වන තෙක් මෙම ගැටලුව සම්බන්ධයෙන් මෙටා සමාගම නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.








Leave a Reply