Loading...

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් ඩුබායිහිදී අත්අඩංගුවට

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ශිරාන් බාසික් නැමැති පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඩුබායි ආරක්ෂක අංශ විසින් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඉරානයේ මත්ද්‍රව්‍ය ජාලය සමඟ සෘජු සබඳතා පැවැතීම හේතුවෙන් ඔහු ඇමෙරිකාවට පවා අවශ්‍යව සිටින තැනැත්තෙකු ලෙසද වාර්තා වනවා.

තවද ,මෙම පුද්ගලයා ඩුබායිහි ධන කුවේරයෙකු ලෙස සැඟව සිට ඇති බවද සඳහන්.

ශිරාන් බාසික් මෙරට මත්ද්‍රව්‍ය සැපයුම් සිදුකරන මහා පරිමාණ ජාවාරම්කරුවන් 5 දෙනාගෙන් එක් පුද්ගලයෙකු බවද වාර්තා වනවා.

කෙසේ වෙතත් මෙම පුද්ගලයාගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධව මෙරටට නිල වශයෙන් මේ දක්වා දැනුම්දීමක් කර නොමැත.

මේ අතර මත්කුඩු ජාවාරමේ නිරත සංවිධානාත්මක අපරාධකුවෙකු වන ඇල්ටෝ ධර්මේ නැමැත්තා ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

ඔහු සමග ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනාද ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවයි පොලිස් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

ඇල්ටෝ ධර්මේ නැමැත්තාට මෙරට ආරක්ෂක අංශ පසුගියදා රතු නිවේදනද නිකුත් කරනු ලැබුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *