Loading...

මෙල්බර්න් නුවර ඇතුළු ප්‍රදේශ රැසක් හොල්ලමින් රික්ටර් මාපක 4.8ක ප්‍රබල භූමිකම්පාවක්

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරය සහ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ රැසක් තිගැස්මට ලක්කරමින් රික්ටර් මාපක 4.8ක ප්‍රබලතාවයෙන් යුතු භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

ඕස්ට්‍රේලියානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය (Geoscience Australia) සඳහන් කරන්නේ අද (03) අළුයම 2.01ට පමණ මෙම ප්‍රබල භූචලනය වාර්තා වූ බවයි.

එහි කේන්ද්‍රය මෙල්බර්න් නුවර සිට කිලෝමීටර් 135ක් පමණ ගිනිකොන දෙසින් පිහිටි සවුත් ගිප්ස්ලන්ඩ් හි ලියොන්ගාතා (Leongatha) නගරය ආසන්නයේ කිලෝමීටර් 10ක් තරම් ගැඹුරින් පිහිටා තිබූ බවයි එම ආයතනය තහවුරු කළේ.

අළුයම කාලයේ සිදුවූ මෙම හදිසි භූමිකම්පාව හේතුවෙන් නිවාස හා ගොඩනැගිලි තදින් සෙලවී ඇති අතර, දහස් සංඛ්‍යාත ජනතාවක් භීතියට පත්ව නින්දෙන් අවදි වී ඇති බව සටහන් වනවා.

කෙසේ වෙතත්, මෙම භූචලනයෙන් සිදුවූ හානි හෝ තුවාල ලැබීම් පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවත්, තත්ත්වය පිළිබඳව හදිසි සේවා අංශ දැඩි අවධානයෙන් පසුවන බවත් විදේශ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටිනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *