චීනය බෝයිං සමාගමෙන් ගුවන් යානා 200ක් මිලදී ගැනීමට එකඟ වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
Fox News නාලිකාවට ප්‍රකාශයක් ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.
එම පුවත විකාශය වීම සමඟ සංඛ්‍යාව විශ්ලේෂකයින් අපේක්ෂා කළ ප්‍රමාණයකට වඩා බෙහෙවින් අඩුවීම හේතුවෙන් සමාගමේ කොටස් අගය පහත වැටී ඇති බව වාර්තා වනවා.
කෙසේ වෙතත් මෙම ගණුදෙනුවට අදාළ විස්තර සහ ලබාදෙන ගුවන් යානා වර්ගය හෝ ඒවා ලබාදෙන කාලසීමාව සම්බන්ධව තොරතුරු අනාවරණය වී නැහැ.
රොයිටර් පුවත් සේවය වාර්තා කළේ එම ප්‍රමාණය යානා 500ක පමණ එකඟතාවයට වඩා බෙහෙවින් අඩු අගයකි.
ට්‍රම්ප් ෂී ජින්පිං ජනාධිපතිවරයා ගැන පවසමින් Fox News නාලිකාවකට පවසමින් සඳහන් කළේ “ඔහු අද එකඟ වූ එක දෙයක් තමයි, ගුවන් යානා 200ක් ඇණවුම් කරනවා විශාල යානා 200ක්” බවයි.
ඊයේ (14) වෙළෙඳපොල ගණුදෙනු අතරතුර බෝයිං කොටස් අගය 4.1%කින් පහත වැටී තිබෙනවා.
බෝයිං සමාගමට ලැබෙන මහා පරිමාණ ඇණවුම මෙම සුවිශේෂී සමුළුවෙන් අපේක්ෂා කළ බොහෝ ව්‍යාපාරික ගණුදෙනුවලින් එකක් වන අතර මෙය පසුගිය ඔක්තෝබර් මසදී දෙරට අතර ඇති කරගත් තාවකාලික වෙළෙඳ එකඟතාව තවදුරටත් ඉදිරියට ගෙන යාමක් ලෙසද සැලකෙනවා.
කෙසේ වෙතත් Wall Street කොටස් වෙළෙඳපොළට මෙයට දැක්වූ ප්‍රතිචාරය පිළිබඳව අදහස් දැක්වීම ධවල මන්දිරය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.







Leave a Reply