උතුරු ලන්ඩනයේ ගෝල්ඩර්ස් ග්‍රීන් හි සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලැබීමේ සිද්ධියත් සමඟ එක්සත් රාජධානියේ ත්‍රස්ත තර්ජන සැලකිය යුතු මට්ටමේ සිට දරුණු මට්ටමේ දක්වා ඉහළ දමා තිබෙනවා.
මේ හේතුවෙන් ඉදිරි මාස 6 තුළ ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවීමට බොහෝ දුරට ඉඩක් ඇති බවට කරුණු හෙළිව ඇති බව සඳහන්.
පසුගිය බදාදා සිදුවූ අදාළ පිහි ඇනුමින් යුදෙව් ජාතිකයන් දෙදෙනෙකු තුවාල ලැබූවා.
එම සිද්ධියට 45 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.
ඉරාන හිතවාදී ත්‍රස්ත කණ්ඩායමක් වන ‘හරකාත් අෂාබ් අල්-යමින් අල්-ඉස්ලාමියා’ සංවිධානය එම සිදුවීමේ වගකීම මේ වන විට භාර ගෙන ඇත.
කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය පවසන්නේ ත්‍රස්ත තර්ජනය මට්ටම ඉහළ දැමීම ගෝල්ඩර්ස් ග්‍රීන් ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස පමණක්ම සිදු නොවූවක් බවයි.
පුළුල් ඉස්ලාම් අන්තවාදී සහ අන්ත දක්ෂිණාංශික තර්ජනවල වැඩි වීම් ද සැලකිල්ලට ගෙන එය සිදු කළ බව බ්‍රිතාන්‍ය පවසනවා.







Leave a Reply