Loading...

දශක 5කට පසු සිදුවූ සඳ ගවේෂණ චාරිකාව

වසර 53කට පසුව සඳ ගවේෂණ චාරිකාවක් සඳහා ගඟන ගාමීන් සිව් දෙනෙක් රැගත් “Artemis II “ යානය සාර්ථකව ගමන් ආරම්භ කර තිබෙනවා.

මෙරට වේලාවෙන් අද (02) අලුයම 4ට පමණ මෙම යානය සිය මෙහෙයුම් කටයුතු ෆ්ලෝරිඩාවේ කේප් කැනවරල්හි පිහිටි කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් ආරම්භ කරනු ලැබුවා.

දින 10ක ශවේෂණ චාරිකාවක් වන මෙහිදී සඳ මත ගොඩ බැස්සවීමක් හෝ කක්ෂගත වීමක් නොවන බවයි වාර්තා වන්නේ.

මිනිසා සඳ මත පා තැබීමෙන් පසුව සඳ ආසන්නයට මිනිසුන් ගමන් කරන පළමු අවස්ථාව මෙය සැලකෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *