ඉන්ධන මිල ගණන් අද (21) මධ්‍යම රාත්‍රියේ සිට නැවත ඉහළ දැමීමට තීරණය කර ඇති තිබෙනවා.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 79කින් ඉහළ දමා තිබෙනවා.
එහි නව මිල වන්නේ රුපියල් 382කි.
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
මේ අනුව එහි නව මිල රුපියල් 443කි.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දමා ඇති අතර එහි නව රුපියල් 455කි.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයේ මිල රුපියල් 81කින් ඉහළ දමා තිබෙනවා.
එහි නව මිල රුපියල් 398කි.
ලංකා භූමිතෙල් මිල රුපියල් 60කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 255කි.







Leave a Reply