Loading...

ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමයි

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බව ඉරානය නිවේදනය කර තිබෙනවා.

මේ හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමට උත්සාහ කරන නැව්වලට පහර දෙන බව අනතුරු අඟවා ඇති බවද වාර්තා වනවා.

ඉරානය මෙම දැඩි තීන්දුවට පිවිස ඇත්තේ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ ඝාතනයෙන් පසුවයි.

ඉරාන සන්නද්ධ හමුදා එක්සත් ජනපද සහ ඊශ්‍රායල ඉලක්කවලට එරෙහිව පළිගැනීමේ ප්‍රහාර දිගටම සිදු කරමින් පවතින අතරවාරයේ මෙම තීන්දුව ගෙන ඇති බව සඳහන්.

මෙම සමුද්‍ර සන්ධිය පර්සියානු ගල්ෆ් කලාපය සහ ඕමාන් බොක්ක යා කරන බව මෙම පටු මුහුදු තීරය ලොව බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙනවා.

මෙහි පටුම ස්ථානය සැතපුම් 21ක් පමණ වන අතර නැව් ගමනාගමනය සඳහා ඇති මාවත සැතපුම් 2ක් තරම් ඉතා පටුය.

සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉරාකය සහ කුවේට් රාජ්‍ය යන රටවලින් අපනයනය කරන බොරතෙල් ලෝකයට රැගෙන යාමට ඇති ප්‍රධානතම සහ එකම මුහුදු මාර්ගය ද මෙය වනවා.

හෝමුස් සමුද්‍ර සන්ධියේ අයිතිය ඉරානයට පමණක් අයත් බව බොහෝ දෙනා උප කල්පනය කළ නමුත් සැබෑවටම තත්ත්වය එසේ නොවේ.

උතුරින් ඉරානයටත් දකුණින් ඕමානයටත් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයටත් මැදිව හෝමුස්‌ සමුද්‍ර සන්ධිය පිහිටා තිබෙනවා.

ඕමානයට අයත් මුහුදු සීමාව තුළ මෙම නාවික ගමන් මාර්ග වැඩිපුරම වැටී තිබීම විශේෂත්වයක්.

එහි පටු බව හේතුවෙන් නෞකාවලට ඉරාන මුහුදු සීමාව හරහා ද ගමන් කිරීමට සිදු වනවා.

එක්සත් ජාතීන්ගේ සමුද්‍ර නීතිය අනුව මෙය ජාත්‍යන්තර සමුද්‍ර සන්ධියක් ලෙස සැලකෙන අතර මේ හේතුවෙන් කිසිඳු රටකට එහි සාමකාමී නාවික ගමනාගමනය අවහිර කිරීමට නීතිමය අයිතියක් හිමිවන්නේ නැහැ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *