Loading...

සනත් පුහුණුකාර ධූරයෙන් සමුගැනීම ගැන අපි දැනුවත් නැහැ – ශ්‍රී ලංකා ක්‍රිකට්

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පාකිස්ථානයට එරෙහිව පල්ලෙකැලේ දී අද (28) පැවැත්වෙන තරඟය ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතාගේ පුහුණුකාරිත්වය දරන අවසන් තරඟය වනවා.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයෙන් පසුව තමන් ධූරයෙන් ඉවත් වන බව ඔහු තරඟාවලිය ආරම්භ වීමට පෙර සිටම තහවුරු කර තිබුණා.

කෙසේ වෙතත් එම තීරණය මේ දක්වා ඔහු වෙනසක් කර තිබුණේ නැහැ.

2024 ජූලි මස දී ඉන්දියාවට එරෙහිව තරඟාවලියේ තාවකාලික පුහුණුකරු ලෙස වගකීම භාරගත් ඒ මහතා එම වසර අවසානයේ දී පූර්ණ කාලීනව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කළා.

සනත් ජයසූරියගේ ප්‍රධාන පුහුණුකරු ධූර කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලුම ආකෘතිවල තරඟ 74ක් ක්‍රීඩා කර ඇති අතර ඉන් තරඟ ජයග්‍රහණය 34ක් ලබාගෙන පරාජයන් 38කට මුහුණ දී තිබෙනවා.

ඊට අමතරව ජය පරාජයෙන් තොරව තරග 2ක් අවසන් වී ඇත.

මේ අතර සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකාර ධූරයෙන් ඉවත් වීම ගැන මෙතෙක් නිසි ලෙස දැනුම් දීමක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *