Loading...

,

ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පත ජනතා අදහස් ලබා ගැනීම ඇරඹේ

ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතාගේ සහාපතිත්වයෙන් යුත් විද්වතුන් 17 දෙනෙකුගෙන් යුත් කමිටුවක් මඟින් කෙටුම්පත් කළ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට ඉදිරිපත් නව පනත් කෙටුම්පත පිළිබඳව ජනතා අදහස් ලබා ගැනීමේ ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ පනත් කෙටුම්පත භාෂාත්‍රයෙන්ම කෙටුම්පත් කර අධිකරණ අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කර ඇකි ඇති අතර පෙබරවාරි 28 දින දක්වා පනත් කෙටුම්පත ජනතා අදහස් ලබා ගැනීම සඳහා විවෘතව ඇති බවයි.

“දැනට පවතින ත්‍රස්තවාදී පනත අහෝසි කර මානව හිමිකම් සහ භාෂණයේ නිදහස ආරක්ෂා වන නව පනතක් ගෙන බවට වත්මන් රජය බලයට පත්වීමට පෙර අප විසින් පොරොන්දුවක් දෙනු ලැබුවා. ඒ අනුව පැරණි නීතිය ඉවත් කර ත්‍රස්තවාදය සම්බන්ධයෙන් නව නීතියක් කෙටුම්පත් කිරීමට ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතාගේ සභාපතිත්වයෙන් විද්වතුන් 17 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කළා.

එම කමිටුව මාස එකොළහක කාලයක් තුළ සකස් කරන ලද පනත් කෙටුම්පත භාෂාත්‍රයෙන්ම කෙටුම්පත් කර මා වෙත ලබා දුන්නා. එය මේ වන විට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ පළ කර තිබෙනවා. ඉතාමත් සියුම් සහ සංවේදී අපේ රටට විශාල වැදගත්කමක් ඇති පනතක් නිසා සෘජුවම අමාත්‍ය මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ප්‍රථම මහජනතාවගේ අදහස් වීමසමින් ජනතාව දැනුවත් කළ යුතු බව අප විශ්වාස කරනවා.

ඒ අනුව මේ වන විටත් කෙටුම්පත වෙබ් අඩවියේ පළ කර තිබෙනවා. 2026 වසරේ පෙබරවාරි 28 වන දින දක්වා ජනතාවට ඒ සඳහා අදහස් ලබා දිය හැකියි. පනත් කෙටුම්පතට නව අදහස් යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව එම කාලය තුළ පවතිනවා. මේ සම්බන්ධයෙන් අදහස් යෝජනා ඉදිරිපත් කරන ලෙස උනන්දුවක් දක්වන සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

එසේ යොමු කරනු ලබන අදහස් හා යෝජනා පිළිබඳව සාධනීයව බලා කටයුතු කිරීමට සුදානම්. මේ වන විට සාමාන්‍ය ජනතාව සහ සිවිල් සංවිධාන අදහස් හා යෝජනා යොමු කර තිබෙනවා. ඒ නිසා මේ කෙටුම්පත් කර තිබෙන්නේ අවසාන කෙටුම්පත නොවෙයි. නව අදහස් හා යෝජනා එම කමිටුව මගින්ම නැවත සලකා බලා සාධනීයව කටයුතු කරනවා.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *