Loading...

2026 ලෝක කුසලාන තෙක් විස්සයි විස්ස නායකත්වය දසුන් ශානකට

2026 වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය තෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලෙස දසුන් ශානක කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පවසනවා.

වත්මන් තේරීම් කමිටුව පත්වීමෙන් අනතුරුව අද (19) ක්‍රිකට් ආයතනයේ පැවැත්වෙන මාධ්‍ය එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ පෙර සිටි තේරීම් කමිටුව ලෝක කුසලානය වෙනුවෙන් ක්‍රීඩකයින් 25ක සංචිතයක් නම් කර තිබූ බවත් එම සංචිතය වෙනසක් නොකරන බවත්ය.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *