Loading...

IPL ක්‍රීඩක වෙන්දේසියේ දී කැමරන්ට සහ මතීෂට ලොකු මිලක්

2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය අබුඩාබි හිදී මේ වන විට පැවැත්වෙනවා.

එහිදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩක කැමරන් ග්‍රීන් කොල්කටා නයිට් රයිඩර්ස් විසින් වාර්තාගත ඉන්දීය රුපියල් කෝටි 25.2කට මුදලකට අලෙවි වුණා.

මෙය සැලකෙන්නේ IPL ඉතිහාසයේ විදෙස් ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළම මිල ලෙසයි.

මීට පෙර ඉහළම මිලකට අලෙවි වූ විදෙස් ක්‍රීඩකයා මිචෙල් ස්ටාක් වන අතර ඔහු 2024 අදියරයට අදාළ වෙන්දේසියේ දී ඉන්දීය රුපියල් කෝටි 24.75කට අලෙවි වුණා.

මෙවර වෙන්දේසියේ දී ශ්‍රී ලංකාවේ ක්‍රීඩක වනිඳු හසරංග ලක්නව් සුපර් ජයින්ට්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 2කට මිලදී ගනු ලැබුවා.

මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඉන්දීය රුපියල් කෝටි 18ක මුදලකට අලෙවි වුණා.

මෙය සලකෙනේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු IPL ක්‍රීඩක වෙන්දේසියකදී අලෙවි වූ ඉහළම වටිනාකම ලෙසයි.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මතීෂව මිලදී ගනු ලැබුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *