Loading...

,

සුළි කුණාටුව ගැන අවස්ථා 25කදී දැනුම් දුන්නා – ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය

පසුගියදා ඇති වූ දිට්වා සුළි කුණාටුව සම්බන්ධව නොවැම්බර් 23 වනදා සිට අවස්ථා 25කදී අදාළ පාර්ශ්වයන් දැනුවත් කර ඇති බව ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය මේ බව සඳහන් කරනවා.

දිට්වා සුළි කුණාටුව පිළිබඳව පූර්ව දැනුවත් කිරීමේ නිවේදන නිකුත් නොකළ බවට ආපදාව සිදුවූ සමයේ සිට වත්මන් ආණ්ඩුවේ දේශපාලනඥයින් ඇතුළු විවිධ පාර්ශ්ව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට චෝදනා එල්ල කළා.

අදාළ චෝදනාවට පිළිතුරක් ලෙස ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

එම සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිසි පරිදි අදාළ අංශ දැනුවත් කර තිබියදී ඇතැම් පාර්ශ්ව ප්‍රචාරය කරනු ලබන අසත්‍ය තොරතුරු මඟින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ විශ්වසනීයත්වයට හානි සිදුවන බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *