Loading...

,

ක්‍රිකට් ක්‍රීඩකයින් ලංකාවට එන්න හැදුවේ කළමනාකරුවන්ගේ බලපෑම නිසාද?

මේ වන විට පාකිස්ථානයේ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රාවල්පිණ්ඩිහි සිදු වූ බෝම්බ පිපිරීම නිසා වහාම ආපසු ලංකාවට පැමිණීමට ගත් තීරණයට මෙරට සිටින ක්‍රීඩක කළමනාකරුවන් දෙදෙනෙක් බලපෑම් කර ඇති බව වාර්තා වනවා.

ක්‍රිකට් ක්ෂේත්‍රයේ රාවයන්වලින් සඳහන් වන්නේ එදින ක්‍රීඩකයන් සියලු දෙනා එක් කාමරයකට වී කිසිඳු බාහිර ඇමතුමකට නොදක්වා සිට ඇත්තේ ද ඔවුන්ගේ උපදෙස් මහතා බවයි.

සංචාරය අවලංගු වුවහොත් තම ක්‍රීඩකයන් IPL තරඟාවලියට යැවීමට හා ඉන් විශාල කොමිස් මුදලක් තමන්ට ලබා ගත හැකි බවට මෙම කළමනාකරුවන් ඔවුන්ට පවසා ඇති බවද වාර්තා වනවා.

නමුත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ක්‍රිකට් බලධාරීන්ගේ මැදිහත් වීම මත ඔවුන් පාකිස්ථානයේ රැඳී සිටීමට පසුව තීරණය කළා.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්ථානයේ රැඳී සිටින කාලය තුළදී රාජ්‍ය නායකයකුට ලබා දෙන ආරක්ෂාවටත් වඩා වැඩි ආරක්ෂාවක් පාකිස්තානු යුද හමුදාව හා පොලීසිය මගින් ලබාදී එරට රජය තීරණය කර තිබෙනවා.

මේ අතර අද (16) වෙළෙඳපොලට නිකුත් වූ Sunday Times පුවත් පතේ ක්‍රීඩා අතිරේකයේ පාකිස්ථාන තරඟාවලියට සහභාගී වී සිටින අතරවාරයේ නැවත මෙරටට පැමිණීමට සුදානම් වූ ක්‍රීඩකයින් පිළිබඳව තොරතුරු වාර්තා කර තිබෙනවා.

අදාළ පුවත්පත් වාර්තාවෙන් පෙන්වා දෙන්නේ අනුව චරිත් අසලංක, වනිඳු හසරංග, අසිත ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, ජෙෆ්රි වැන්ඩර්සේ සහ මහීෂ් තීක්ෂණ නැවත මෙරටට පැමිණීමට සුදානමින් සිටි බවයි.

ඔවුන් පසුගිය බ්‍රහස්පතින්දා අලුයම 3ට පමණ ඉස්ලාමාබාද් නුවරින් පිටත්ව යාමට සුදානමින් සිට තිබෙනවා.

එම අවස්ථාවේ ඉහත ක්‍රීඩකයින් නැවත දිවයිනට පැමිණියේ නම් දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල සහ කුසල් ජනිත් පෙරේරා වැනි පළපුරුදු ක්‍රීඩකයින්ගේ සිට විෂේන් හැලම්බගේ සහ ගරුක සංකේත් වැනි තරුණ ක්‍රීඩකයන් යොදවාගෙන තරගාවලිය නියමිත පරිදි ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු සුදානම් කර තිබු බව සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *