Loading...

,

සෙව්වන්දි ඇතුළු පිරිස රැගත් යානය කටුනායකට ළඟා වෙයි

නේපාලයේ දී අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස රැගෙන් ආ ගුවන් යානය අද (15) රාත්‍රී 6.55ට පමණ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළට පැමිණියා.

UL 182 ශ්‍රී ලංකන් ගුවන් යානය නේපාලයේ කත්මන්ඩු නුවර සිට මෙරටට පැමිණි අතර ගුවන්තොටුපොළ අවට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබූ බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා පොලීසිය සිදුකළ මෙහෙයමකදී ඉෂාරා සෙව්වන්දි ඇතුළු 6 දෙනා මෙරටට රැගෙන විත් තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ කල්ලියක නායකයෙකු වූ සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව ඝාතනය පිළිබඳව ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුළුව පසුගිය 13 වනදා නේපාලයේ දී අත්අඩංගුවට ගැනුණා.

එහිදී මෙරට පාතාල කණ්ඩායම් හා සම්බන්ධ පුද්ගලයින් හය දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණා.

වීරසිංහ පිනිපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි, ජීවදාසන් කනකරාසා, තක්ෂි නන්දකුමාර, දිනේෂ් ශ්‍යාමන්ත ද සිල්වා කළුදාර, කෙනඩි බස්තියම්පිල්ලෙයි හෙවත් J.K. බායි සහ වික්‍රම ආරච්චිගේ දිනේෂ් නිශාන්ත කුමාර මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.

ගණේමුල්ල සංජීව ඝාතනය කර තිබුණේ කොළඹ අලුත්කඩේ අංක 6 උසාවිය තුළදී මෙම වසරේ පෙබරවාරි 20 වනදායි.

ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන සෙව්වන්දි ඝාතනයෙන් පසු මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලා ගොස් තිබුණා.

ඇය ඒ සඳහා රුපියල් මිලියන 6.5ක් පමණ වියදම් කර තිබු බවට තොරතුරු වාර්තා වුණා.

සෙව්වන්දි මාසයක කාලයක් සඳහා නේපාලයේ භක්තපූර්හි කාමරයක් කුලියට ගෙන ඇත්තේ තමා ඉන්දියාවේ බංගලුරු නගරයේ පුරවැසියෙකු බවට එම නිවෙස් හිමියාට ව්‍යාජ තොරතුරු සපයා තිබූ බවද හෙළිව තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *