Loading...

විජයකාන්ත් වියස්කාන්ත්ට IPL වරම් හිමිවෙයි

ශ්‍රී ලංකා යොවුන් දඟ පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් 2024 IPL තරඟාවලියේ ඉතිරි තරඟ වෙනුවෙන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමඟ ගිවිසුම්ගත වී තිබෙනවා.

ඒ ආබාධයක් හේතුවෙන් මෙවර තරඟාවලියෙන් ඉවත් වීමට සිදුවූ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු ලෙසයි.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ ඉන්දීය රුපියල් ලක්ෂ 50ක වටිනාකමක් යටතේ වියස්කාන්ත් සන්රයිසස් කණ්ඩායම සමඟ ගිවිසුම්ගත වී ඇති බවයි.

22 වන වියේ පසුවන වියස්කාන්ත් LPL තරඟාවලියේ දී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වුණා.

ඔහු මීට පෙර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දී Chattogram Challengers කණ්ඩායම සහ ILT20 තරඟාවලියේ දී MI Emirates කණ්ඩායම නියෝජනය කර තිබෙනවා.

විජයකාන්ත් වියස්කාන්ත් මේ වන විට විස්සයි විස්ස තරඟ 33කදී කඩුලු 42ක් දවාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Image


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *