Loading...

X-Press Pearl වන්දි මුදල් ධීවරයින්ට තාම ගෙවලා නෑ – පාර්ලිමේන්තු ආංශික කාරක සභාවක දී හෙළි වෙයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය සඳහා වන්දි වශයෙන් ලැබුණු රුපියල් මිලියන 293ක මුදලක් ධීවර අංශය සඳහා තවමත් ඉතිරිවී ඇති බව නිලධාරීන් විසින් ආංශික අධීක්ෂණ කාරක සභාවට පෙන්වාදී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ එම ලැබුණු මුදල ධීවරයින් වෙනුවෙන් නොගෙවීම පිළිබඳව කාරක සභාව තම අප්‍රසාදය පළ කළ බවයි.

පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව අවධානය යොමුව තිබෙනවා.

මෙම කාරක සභාවට එක්වූ නිලධාරීන් පැවසුවේ ඇතැම් ධීවරයින් විදේශගත වීම මෙන්ම අදාළ වන්දිය ලබාගත යුතු පුද්ගලයා ඉදිරිපත් නොවීම හේතුවෙන් වන්දි මුදල් ඉතිරි වී ඇති බවත් ඒවා ඉදිරියේ දී ගෙවීමට කටයුතු කරන බවත්ය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය සඳහා ලැබී ඇති වන්දි මුදල, ඒවායින් ධිවරයින්ට වන්දි වශයෙන් ගෙවා ඇති මුදල, වෙරල ආරක්ෂණය වෙනුවෙන් වියදම් කර ඇති මුදල සහ ඉතිරි වී ඇති මුදල් ප්‍රමාණය සම්බන්ධව සවිස්තර වාර්තාවක් ලබාදෙන ලෙස මෙහිදී කාරක සභාව විසින් නිර්දේශ කර ඇති බවද වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *