Loading...

ගැබ්බර මුවදෙනෙක්ගේ ජීවිතය උදුරාගත් පස් දෙනෙක් වනජීවී නිලධාරීන් භාරයට

විල්පත්තුව ජාතික වනෝද්‍යානයට අයත් කුකුල් බිට්ටු වනජීවි කලාපයේ ගැබ්බර මුවදෙනෙක් වෙඩි තබා මරා දැමු සැකකරුවන් පස් දෙනෙක් වනජීවී නිලධාරීන් විසින් ඊයේ (28) අලුයම සිය භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස භාරයට ගෙන ඇත්තේ නොච්චියාගම, අනුරාධපුර, රණෝරාව ප්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු 31,40 හා 52 යන වයස් සීමාවන්වල පදිංචි පිරිසකි.

වෙඩි තැබීම සඳහා යොදාගත් ගිනිඅවිය හා ඔවුන් පැමිණි යතුරුපැදි 2ක්ද වනජීවී නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා.

පවතින නියඟයත් සමඟ ජලය සොයා රාත්‍රී කාලවලදී වනෝද්‍යානයට තුළ සැරිසරන වන සතුන් මරා මස් පිණිස අලෙවි කිරීමේ ජාවාරමක මෙම පිරිස නිරන්තරයෙන් සිදු කරන අතර ඒ සම්බන්ධව ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *