වර්ජනයේ නිරත තැපැල් සේවකයින් සහ විෂය භාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (24) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අද (24) උදෑසන මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.
ඒ සඳහා වර්ජනයේ නිරත සියලු තැපැල් වෘත්තීය සමිතිවල නියෝජිතයින් කැඳවා ඇති බවද වාර්තා වනවා.
විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතු ඇතුළු සංගම් කිහිපයක් ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් පසුගියදා 17 වනදා ආරම්භ කළ වර්ජනය අද 7 වන දිනටත් ක්‍රියාත්මක වනවා.
වර්ජනය ආරම්භ කිරීමත් සමඟ දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාලවල තැපැල් සේවා කටයුතු අඩාල වී තිබෙනවා.
මේ හේතුවෙන් තැපැල් සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි දුෂ්කරතාවට ද පත්වුණා.







Leave a Reply