හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සිකුරාදා (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙනවා.
ඔහු මෙලෙස කැඳවා ඇත්තේ ජනාධිපති ධූරය සමයේ ගිය විදේශ සංචාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයක් සඳහායි.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති සමයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ සමන් ඒකනායක මහතාගෙන් ද පෞද්ගලික සහකාර සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන් ද අදාළ කාරණය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර ප්‍රකාශ සටහන් කර ගනු ලැබුවා.
ඒ මහතා නිව්යෝර්ක් නුවර නිල සංචාරයට ගොස් එන අතරතුර ලන්ඩනයේ විශ්ව විද්‍යාලයක උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා එංගලන්තයට යාම පිළිබඳව මෙම පරීක්ෂණ සිදු කෙරෙනවා.








Leave a Reply