Loading...

ට්‍රම්ප් සහ සෙලෙන්ස්කි අතර සාකච්ඡා සාර්ථකව අවසන් වෙයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැති සාකච්ඡාව මේ දක්වා පැවැති සාර්ථකම හමුව බව යුක්‍රේන ජනාධිපති ව්ලොද්මියර් සෙලෙන්ස්කි පවසනවා.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ අමෙරිකානු ජනාධිපතිවරයා සහ යුක්‍රේන ජනාධිපතිවරයා අතර ඊයේ (18) ධවල මන්දිරයේ පැවති සාකඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

යුද්ධය සම්බන්ධව නිසි දැනුවත් කිරීමක් සිදු කිරීමට මෙම සාකච්ඡාවේ දී අවස්ථාව හිමි වූ බවද සෙලෙන්ස්කි පෙන්වා දෙනවා.

යුක්‍රේන ජනාධිපතිවරයා පවසන්නේ රුසියාව සමඟ යුද්ධය අවසන් වුවහොත් මැතිවරණය පැවැත්වීමට තමන් සුදානම් බවයි.

අමෙරිකානු ජනාධිපතිවරයා සහ යුක්‍රේන ජනාධිපතිවරයා අතර පැවැති මෙම සාකච්ඡාවට ලෝකයේ වැඩි අවධානයක් යොමු වූ සාකච්ඡාවක් වනවා.

එම සාකච්ඡාවට යුරෝපා කවුන්සිලයේ සභාපතිනිය, බ්‍රිතාන්‍ය අගමැති, ප්‍රංශ ජනපති, ජර්මන් චන්සලර්, ඉතාලි අගමැති, නේටෝ සමාගමේ ලේකම්වරයා ඇතුළු කණ්ඩායමක් සහභාගී වී සිටියා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම සාකච්ඡාව පැවැත්වෙන අවස්ථාවේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සමග දුරකථන මාර්ගයෙන් අදහස් හුවමාරු කර ගැනීමක් සිදුකර ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *