මධ්‍යම අධිවේගයේ පළමු කොටසේ වැඩ අවසන් කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 500කට සමාන යුවාන් ණයක් චීන එක්සිම් බැංකුවෙන් ලබා ගැනීමට සහ ශ්‍රී ලංකා රජයේ අරමුදල්වලින් අමෙරිකානු ඩොලර් මිලියන 438ක් වෙනම ලබාදීමටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ඉල්ලා ඇති බව වාර්තා වනවා.
රජයේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවට යුවාන් මුදල් ඒකකයෙන් ආදායමක් නොලැබෙන බැවින් එම ණය ආපසු ගෙවන විට සංචිතයේ තිබෙන ඩොලර් යුවාන් මුදල් ඒකකයට පරිවර්තනය කිරීමට රජයට සිදුවනු ඇති බවයි.
මෙලෙස කටයුතු කිරීම සඳහා වාණිජ කොන්ත්‍රාත් ගිවිසුමට සංශෝධනයක් අවශ්‍ය වන අතර ඒ සඳහා ජනාධිපතිවරයා කැබිනට් අනුමැතිය ඉල්ලා ඇති බව වාර්තා වනවා.
ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ ණය මුදල යුවාන් මුදල් වෙනස් කරන ලෙස චීන එක්සිම් බැංකුව රජයෙන් ඉල්ලීමක් කර ඇති බවයි.








Leave a Reply