මොනරාගල වැලියාය ප්රදේශයේ දී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ විනෝද චාරිකාවක් ගිය පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මඟී බස් රථයේ 32 හැවිරිදි රියදුරා මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් 22 දෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වනවා.
පොලීසිය පැවසුවේ දඹගල්ල සිට මොනරාගල බලා ධාවනය වෙමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් චාරිකාවක යමින් තිබූ පෞද්ගලික බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් ප්රතිකාර සඳහා මොනරාගල රෝහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය පවසනවා.








Leave a Reply