Loading...

නව දුම්රිය සාමාන්‍යධිකාරී ධුරයේ වැඩ අරඹයි

නව දුම්රිය සාමාන්‍යධිකාරී ලෙස පත්කළ රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා සිය ධූරයේ වැඩ ඊයේ (13) ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණි නිලධාරියෙකු වන ඒ මහතා මීට පෙර මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ සේවය කළ අයෙකි.

දුම්රිය සාමාන්‍යධිකාරී ලෙස මේ දක්වා කටයුතු කළ ධම්මික ජයසුන්දර මහතා එම තනතුරින් ඉවත් කිරීමට පසුගියදා පියවර ගෙන තිබුණා.

ඔහුව ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ විශේෂ ශ්‍රේණියේ සුදුසු තනතුරකට පත් කිරීමට නියමිතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *