Loading...

ගුරු හිඟයට රජය ගත් අලුත්ම විසඳුම

ගුරු හිඟයට පිළිමයක් ලෙස ඉදිරි මාස 6 තුළ ඉගෙනුම් පරතරය අවම කර ගැනීම සඳහා ඩිජිටල් ඉගෙනුම් ක්‍රම හඳුන්වා දීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

කැබිනට් මණ්ඩල තීරණයක් අනුව පත්කරන ලද ඩිජිටල් අධ්‍යාපනය පර්වර්තනය සඳහා වන කාර්ය සාධන බළකායේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවක දී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

ඇය පෙන්වා දෙන්නේ සියලු පාසල් ආවරණය වන පරිදි මානව සහ භෞතික සම්පත් බෙදී යාම සහතික වන අයුරින් ඩිජිටල් ඉගෙනුම් ක්‍රමවේද හඳුන්වා දිය යුතු බවයි.

මේ සඳහා බහුවිධ අංශ නියෝජනය කරන ශක්තිමත් කාර්ය සාධක බලකායක් අවශ්‍ය බවද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කරනවා.

අධ්‍යාපනය තුළ ඩිජිටල් පරිවර්ථනයක් ඇති කිරීම සහ ඊට අදාළ අභියෝග මෙන්ම අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සම්බන්ධව ද මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ ජාතික සහ පළාත් පාසල්වල දැනට පවතින 42,000 ඉක්මවා ඇති ගුරු හිඟය විසඳීම ඉතාමත් කඩිනමින් සිදුකළ යුතු බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *