Loading...

පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා සියයට 96ක් අයදුම් කරයි

පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා 96%ක් අයදුම් කර ඇති බව වාර්තා වනවා.

සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ මේ සඳහා අයදුම්පත් කැඳවීමේ කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නියම කර තිබූ පරිදි අද (04) මධ්‍යහ්න 12.00ට අවසන් කර ඇති බවයි.

මේ අනුව සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 453 දෙනෙක් අතරින් 435 දෙනෙකු ඊට අයදුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.

මෙම වෛද්‍ය නිලධාරීන් පත්වීම් සඳහා ඉල්ලුම් කර ඇති ආකාරය සහ ඔවුන්ගේ කුසලතා ලේඛනය පදනම් කර ගනිමින් නව රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කිරීමේ කටයුතු ඉදිරියේ සිදු කිරීමට නියමිතව ඇති.

විනිවිදභාවයකින් යුත් විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ සිදු කෙරෙන මෙම අනුයුක්ත කිරීම් හරහා දිවයින පුරා පවතින වෛද්‍ය අවශ්‍යතාවයන් සපුරාලීමට අමාත්‍යාංශය අපේක්ෂා කරනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ තෝරා ගන්නා ලද අයදුම්කරුවන්ගේ නාමලේඛනය, ඔවුන් අනුයුක්ත කරන ලද සේවා ස්ථාන, සේවයට වාර්තා කළ යුතු දිනය පිළිබඳ විස්තර ඉදිරියේදී කඩිනමින් ප්‍රකාශයට පත් කරන බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *