නීති විරෝධී මත්පැන් වැටලීම් සඳහා සුරාබදු නිලධාරීන් 900කට ආසන්න පිරිසක් යොදවා ඇති සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අලුත් අවුරුදු සමයේ දිවයිනම පුරා සුරාබදු ස්ථාන 58ක්, විශේෂ මෙහෙයුම් ඒකක 05ක් සහ සුරාබදු නිලධාරීන් 900කට ආසන්න පිරිසක් එම මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවයි.
තවද නීති විරෝධී මත්පැන් මත්ද්‍රව්‍ය පිළිබඳව පැමිණිලි 1913 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ මෙන්ම 0112877688 අංකයට ඉදිරිපත් කළ හැකි බවද සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
මේ අතර, අප්‍රේල් මස 03 වනද දින සිට අප්‍රේල් 12 වන දින දක්වා කාලය තුළ සිදුකළ දීප ව්‍යාප්ත වැටලීම්වලදී පුද්ගලයින් 1,320 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Leave a Reply