Loading...

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 77%ක් බෙදා අවසන්

ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 77%ක පමණ මේ වන විට බෙදා හැර තිබෙනවා.

තැපැල් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා කියා සිටියේ අද වන විට එක්කෝටි තිස් දෙලක්ෂයකට ආසන්න නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැර ඇති බවයි.

ඊට අමතරව හෙට සහ අනිද්දා යන දෙදින තුළ නිවෙස්වලට ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සිදු කරන බවද ඔහු සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ සෙනසුරාදා වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණහොත් ලබන 18 වන දිනෙන් පසු තම ප්‍රදේශයේ තැපැල් කාර්යාලයට ගොස් අනන්‍යතාව තහවුරු කර තම ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබා ගැනීමේ හැකියාව පවතින අතර මැතිවරණ දිනය තෙක් ඒ සඳහා අවස්ථාව සලසා ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *