හිටපු රාජ්ය බුද්ධි අංශ ප්රධානී ප්රධානී විශ්රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාව අත්අඩංගුවට ගනු ලැබුවේ ත්රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්ය කොට්ඨාසයේ පැවති විශේෂ මාධ්ය හමුවකට බස්නාහිර පළාත භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති සජීව මැදවත්ත කියා සිටියේ ඔහු පැය 72ක් රඳවා ගෙන ප්රශ්න කරන බවයි.
සුරේෂ් සලේ අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ප්රහාරය පිළිබඳව තිබූ සාක්ෂි මත පදනම් කරගෙන බවද ඔහු සඳහන් කරනවා.
මේ සම්බන්ධව දීර්ඝ විමර්ශනයකින් සිදුකළ යුතුව තිබෙන බැවින් ඒ සම්බන්ධව තොරතුරු ඉදිරියේ දී අනාවරණය කිරීමට නියමිත බව සඳහන්.
ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති පැවසුවේ එම හේතුව පැය කිහිපයක් තුළ අනාවරණය කිරීම අපහසු බවත් පොලීසියේ කාර්ය නිසි ලෙස ඉටු කර ඇති බවත්ය.
අත්අඩංගුවට ගත් හේතුව නිසි ලෙස අනාවරණය නොකර විශ්රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාව අත්අඩංගුවට ගැනීම හේතුවෙන් පොලීසියට එරෙහි කැම්පේන් එකක් සිදුව ඇති බව මාධ්යවේදීන් විසින් මාධ්ය හමුවේදී පොලීසියෙන් විමසුවා.
ඊට පිළිතුරු දෙමින් පොලීසිය සඳහන් කළේ ඔහුව අත්අඩංගුවට නොගෙන සිටියේ නම් පොලීසියේ විරුද්ධව කැම්පේන් සිදුවිය යුතු බවයි.
තවද විශ්රාමික මේජර් ජෙනරල්වරයාගෙන් ඉදිරියේ දී සිදු කරනු ලබන ප්රශ්න කිරීම්වලදී පාස්කු ප්රහාරයේ මහ මොළකරු පිළිබඳ තොරතුරු හෙළි කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවද ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පවසනවා.








Leave a Reply