Loading...

මාකුඹුර හරහා 55000 දෙනෙක් ගමේ ගිහින්

පසුගිය 08 වනදා සිට මේ දක්වා මඟීන් 55000 දෙනෙක් පමණ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් ගම්බිම් බලා ගොස් තිබෙනවා.

ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (සැලසුම්) ආලෝකා කරුණාරත්න මහත්මිය පැවසුවේ ඉන් වැඩිම පිරිසක් ඊයේ (11) දිනයේ දී පිටත්ව ගිය බවයි.

“මගී ජනතාවට ආරක්ෂිතව හා සතුටින් ප්‍රවාහන පහසුකම් ලබාගැනීමට අවශ්‍ය ඩැඩපිලිවෙල මේ වනවිට සපුරා දී තිබෙනවා. මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට විනාඩි 15ත් 20ත් කාලයකින් පිටත්වන අයුරින් දුරගමන් බස් රථ යොදවා තිබෙනවා. බලාපොරොත්තු වූ ආකාරයට කාලසටහන්වලට ලංගම සහ පෞද්ගලික බස් රථ යොදවා තිබෙනවා.

සමහර බස් රථ ගමන්වාර තුනක් දක්වා ක්‍රියාත්මක කරනවා. ඊයේ (11) වැඩිම මගී ජනතාවක් ගමනාගමනයේ යෙදුණු දිනය ලෙස වාර්තා වුණා. 08 වෙනිදා ඉඳන් මේ දක්වා මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් පමණක් 55,000ක පමණ මගීන් ප්‍රවාහන පහසුකම් සපයාගෙන තිබෙනවා.

ඒ වගේම පසු අවුරුදු සැලැස්ම යටතේ අප්‍රේල් 16 සිට 21 දක්වා ගම්බිම්වල සිට කොළඹට පැමිණීමටත් මේ විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක කරනවා.

මීට සමගාමීව අනෙකුත් සියලුම පළාත්වලත් ලංගම සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරි සමග ඒකාබද්ධ සේවාව යටතේ මගීන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ක්‍රමවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *