Loading...

දිට්වා ආපදාව සිදු වී මාස 4යි – නාවලපිටිය දුම්රිය තවමත් එකම තැන

දිට්වා සුළි කුණාටුව සමඟ ඇති වූ අධික වර්ෂාව නිසා නාය යාමෙන් දුම්රිය මාර්ගයට වූ දැඩි හානිය හේතුවෙන් උලපනේ වරකාපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ නතර වූ දුම්රිය මාස 4ක් වන තෙක් තවමත් එම ස්ථානයේම නවතා ඇති බව වාර්තා වනවා.

මෙලෙස නවතා ඇත්තේ කොළඹ සිට මහනුවර නාවලපිටිය හරහා නානුඔය බලා ධාවනය වූ දුම්රියකි.

එහි මැදිරි 9ක් සහ වායු සමනය කළ මැදිරියක් ද ඇති බව සඳහන්.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වෘත්තීය සමිති පවසන්නේ එන්ජිම පමණක් රුපියල් කෝටි 20ක් පමණ වටිනා බවත් මුළු දුම්රියේම වටිනාකම රුපියල් කෝටි 70ක් පමණ වන බවත්ය.

මෙම දුම්රිය අලුත්ම තත්ත්වයේ එකක් වන අතර දුම්රිය මාර්ගය ඉතා බරපතළ ලෙස නාය යාමෙන් අබලන් වී ඇති බැවින් මෙම දුම්රිය කිසිඳු දුම්රිය ස්ථානයකට ගෙන යා නොහැකි බවද ඔවුන් පෙන්වා දෙනවා.

දිනපතා රුපියල් ලක්ෂ 4ක ආදායමක් ලබන මෙම දුම්රිය මෙලෙස ධාවනය අකර්මන්‍ය වීම නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවන පාඩුව අතිවිශාල බව සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *