සුරාබදු කාර්යාලයට අයත් කැබ් රථයකින් කේරළ ගංජා කිලෝ 45ක් ප්‍රවාහනය කළ සුරාබදු නිලධාරීන් සිව්දෙනෙක් ඇතුළු සැකකරුවන් 8 දෙනෙක් ඊයේ (01) මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කොළඹ ප්‍රදේශයේ සුරාබදු කාර්යාලයට අයත් සුරාබදු පරීක්ෂකවරයකු, සුරාබදු සැරයන්වරයකු, සුරාබදු රියැදුරු සහ සහායකවරයකුයි. අනෙක් සැකකරුවන් මීගමුව සහ හලාවත ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.
සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔවුන් කලක් තිස්සේ මෙම ජාවාරමේ යෙදී ඇති බවයි.
සුරාබදු දෙපාර්තමේන්තුවට අයත් කැබ් රථයකින් කේරළ ගංජා ජාවාරම්කරන බවට ලද තොරතුරක් මත මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් හලාවත ප්‍රදේශයේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Leave a Reply