අධිවේගී මාර්ගවල රථවාහන ධාවනය කිරීම 10%කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.
අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ අධ්යක්ෂ ආර්.අයි.ඩී.කහටපිටිය මහතා කියා සිටියේ පසුගිය 13 වනදා රථවාහන 128000ක් අධිවේගී මාර්ගයේ ධාවනය වී ඇති බවත් ඉන් මිලියන 44ක ආදායමක් ලැබී බවත්ය.
මේ අතර අධිවේගී සඳහා රථවාහන ඇතුළත් කිරීමේදී වාහනය පරික්ෂා කර අධිවේගී මාර්ගවල ධාවනය කිරීමට සුදුසුනම් පමණක් ඇතුළු කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
එම අධිකාරිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඊයේ (14) සහ අද (15) විශේෂයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටුවල යම් වාහන තදබදය අවම කිරීමට ගත හැකි ක්රියාමාර්ග ගෙන ඇති බවයි.
Leave a Reply