මෙවර ශ්‍රී පාද වාරය ආරම්භ වූ දා සිට මේ දක්වා එම ප්‍රදේශයට මත්ද්‍රව්‍ය රැගෙන ගිය සැකකරුවන් 322ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ හැටන් කොට්ඨාසයේ හැටන්, පොල්පිටිය, ගිණිගත්හේන සහ නල්ලතන්නිය යන පොලිස් ස්ථාන මඟින් සිදු කරන ලද වැටලීම්වලදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මෙහිදී වැටලීම් 336ක් සිදුකර ඇති බව සඳහන්.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම මඟින් රුපියල් විසි ලක්ෂ 65000ක දඩ මුදලක් ද අයකර ගෙන තිබෙනවා.
මෙම වැටලීම්වලදී හෙරොයින්, අයිස්, ගංජා, හෑෂ්, කුෂ්, මාවා,මදන මෝඩක සහ මත්පෙති ඇතුළු තහනම් මත්ද්‍රව්‍ය සොයා ගැනීමට සමත්ව තිබෙනවා.







Leave a Reply