Loading...

ගෘහස්ත ගෑස් සැපයුම වැඩි කරමින් සිලින්ඩර ලක්ෂ 03ක් වෙළෙඳපොළට


ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂ 3ක් නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා

එම සමාගම සඳහන් කළේ මේ අනුව අද (23) සිට අදාළ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බවයි.

ගෑස් මෙට්‍රික්ටොන් 3900ක් රැගත් නෞකාවක් කොළඹ වරායට ඊයේ (22) පැමිණියා.

ගෑස් ගොඩබෑමේ කටයුතු ඊයේ (23) දිනයේම ආරම්භ කළ බවද එම සමාගම පැවසුවා.

මේ අතර තවත් ගෑස් නෞකා 2ක් ලබන 25 සහ 28 යන දිනවල දී දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

පසුගිය දිනවල ගෑස් ඉල්ලුමේ අනපේක්ෂිත ඉහළ යාමක් හේතුවෙන් මෙරට ගෑස් වෙළෙඳපොළ තුළ ලිට්‍රෝ ගෑස් සැපයුමට බාධා එල්ල වුණා.

එම සමාගම වැඩිදුරටත් පවසන්නේ අද (23) දිනයේ සිට දෛනිකව ගෑස් සිලින්ඩර් ලක්ෂයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි.

මේ අනුව වෙළෙඳපොළේ පවතින ගෑස් හිඟය ක්‍රමානුකූලව පහව යනු ඇති.

තවද අවශ්‍ය පරිදි තොග පවත්වා ගැනීම සඳහා නව ඇනවුම් සිදුකර ඇති අතර පෙබරවාරි මස අවසන් වීමට පෙර එම ගෑස් නෞකා මෙරට පැමිණීමට නියමිත බවද එම සමාගම පවසනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *