Loading...

ත්‍රිවිධ හමුදාවේ 28,500ක් ආපදා සහන මෙහෙයුම්වල

ගලවා ගැනීමේ සහ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදා සෙබළුන් 28500ක පිරිසක් තවදුරටත් යොදවා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා පවසනවා.

යුද හමුදාපතිවරයා සඳහන් කරන්නේ අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටි පුද්ගලයින් 31057 දෙනෙක් මුදා ගැනීමට ත්‍රිවිධ හමුදා කටයුතු කර ඇති බවයි.

මේ අතර අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ බිඳවැටුණු විදුලි සංදේශන පද්ධතිය 75%කින් වඩා මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව වාර්තා වනවා.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් බන්ධුල හේරත් මහතා සදහන් කළේ බිදවැටුනු ෆයිබර් සබඳතාද යළි යථා තත්ත්වයට පත් කරමින් සිටින බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *